2018 අගෝස්තු 18 වන සෙනසුරාදා

ජනප්‍රිය තරු ඡන්දවලට එපා

 2018 අගෝස්තු 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 50

I ගයාන් ගාල්ලගේ

එළඹෙන මැතිවරණවලදී එක්සත් ජාතික පක්ෂයෙන් තරග කිරීම සඳහා පක්ෂයේ නොවන බාහිර ජනප්‍රිය පුද්ගලයන් කැඳවීමක් සිදුනොකරන ලෙසට පසුපෙළ මන්ත්‍රීවරු පිරිසක් අග්‍රාමාත්‍යවරයාට දැන්වීමට තීරණය කර ඇත.

විවිධ ක්ෂේත්‍රවල ජනප්‍රිය චරිත ඡන්ද ලබාගැනීමේ අරමුණින් යෙදවුවහොත් ඊට විරෝධය පළකරන බවද එම මන්ත්‍රී කණ්ඩායමේ සාමාජිකයෙක් දේශයට පැවසීය.

බිම් මට්ටමින් පක්ෂය සංවිධානය කරන පක්ෂයේ නායකයන්ට අවස්ථාව නොදී පක්ෂයට කිසිත් සම්බන්ධ නැති පිරිසක් කැඳවීම තුළින් පාක්ෂිකයා ඈත්වී පක්ෂය කඩාවැටිය හැකි බව ඔවුන් දැනුම් දීමට නියමිතව ඇත.

ඒ නිසා විශේෂයෙන් එළඹෙන පළාත් සභා මැතිවරණයේදී පක්ෂයේ සාමාජිකයන්ට මූලිකත්වය ලබාදෙන ලෙසට එම මන්ත්‍රී කණ්ඩායම අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කිරීමට නියමිතය.

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01