2018 අගෝස්තු 18 වන සෙනසුරාදා

ජනපතිවරණයට සිවිල් සංවිධාන කැරැල්ලක්

 2018 අගෝස්තු 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 46

I ගයාන් ගාල්ලගේ

සිවිල් සංවිධාන හා කුඩා දේශපාලන පක්ෂ ගණනාවක් එක්වී එළඹෙන ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් සිව්දෙනකු ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග පවසයි.

2015 යහපාලන රජය ගෙන ඒම සඳහා කැපවී වැඩකටයුතු කළ සිවිල් සංවිධාන 14ක් මෙහි ප්‍රමුඛත්වය ගෙන ඇත. ඊට අමතරව කුඩා දේශපාලන පක්ෂ 8ක් ද මෙම සන්ධානයේ හවුල්කරුවෝ වෙති.

ජනාධිපතිවරණයේදී  ප්‍රධාන අපේක්ෂකයන්ට තියුණු බලපෑමක් සිදුකිරිමේ අරමුණින් මෙම සංධානය විසින් අපේක්ෂකයන් සිව්දෙනා තෝරා පත්කරගනු ලබන්නේ විවිධ පළාත්, විවිධ ජනවර්ග සහ විවිධ ආගම් නියෝජනය කරමින් බව සඳහන් වේ. ඒ අනුව  ස්වාමින් වහන්සේනමක්ද උතුරෙන් එක් අපේක්ෂකයකුද, නැගෙනහිරින් තවත් අපේක්ෂකයෙකුද, බස්නාහිරින් තවත් අපේක්ෂකයකුද වශයෙන් අපේක්ෂකයන් සිව් දෙනා තෝරා ගැනීමට නියමිතව ඇත.

මේ සංධානයේ වැඩකටයුතු දැනටමත් ආරම්භ කර ඇති අතර පක්ෂ සමඟද සාකච්ඡා සිදුකරමින් පවතින බව සඳහන් වේ.

 

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00