2018 අගෝස්තු 11 වන සෙනසුරාදා

දෙමළ සන්ධානය යුද අපරාධ පරික්ෂණයක් යළි ඉල්ලයි

 2018 අගෝස්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 37

I දේශපාලන වාර්තාකරු

අමෙරිකා එක්සත් ජනපදය ජිනීවා මානව හිමිකම් කොමිසමෙන් ඉවත් වීමෙන් පසු ශ්‍රී ලංකාවේ යුද අපරාධ පිළිබඳ ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා නව යෝජනාවක් ඉදිරිපත් කිරීමට දෙමළ ජාතික සන්ධානය සැලසුම් කරමින් සිටින බව දේශයට වාර්තා වේ.

කලින් ජිනීවා කොමිසමට ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරීක්ෂණ යෝජනාවට අමෙරිකාවේ සහාය ලැබිණි. එහෙත් දැන් අමෙරිකාව එයින් ඉවත්ව ඇති නිසා පැරණි යෝජනාවට අසාධාරණයක් වේය යන පදනමින් නව යෝජනාව ගෙන ඒමට සැලසුම් කරන බව දැනගන්නට ඇත. රජය විසින් යෝජනා කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සාර්ථක වන ලකුණු පෙනෙන්නට නොතිබීම ද නව තීරණය ගැනීමට හේතුවක් බව දෙමළ සන්ධාන ආරංචි මාර්ග කියයි.
මේ ගැන දෙමළ සන්ධාන මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා මෙරට සිටින යුරෝපා තානාපතිවරුන් ගණනාවක් සමඟ මේ වනවිටත් සාකච්ඡා පවත්වා ඇත. දෙමළ සන්ධානයේ අරමුණ යුරෝපා දෙමළ ඩයස්පෝරාවේ සහාය ද ලබාගෙන ලබන මාර්තු මාසයේදී ජිනීවා සමුළුවට මෙම යෝජනාව ඉදිරිපත් කිරීමයි. 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01