2018 අගෝස්තු 11 වන සෙනසුරාදා

දුම්රිය වර්ජනය දිගටම?

 2018 අගෝස්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 27

ගයාන් ගාල්ලගේ l

සිකුරාදා සන්ධ්‍යාව වනවිටත් දුම්රිය සේවක වර්ජනය නිමා නොවීම නිසා දසදහස් සංඛ්‍යාත මගීන් අපහසුතාවයට පත්ව සිටියහ. 

සාමාන්‍යයෙන් කොළඹ කොටුව සහ මරදාන කේන්ද්‍ර කරගනිමින් දිනපතා දුම්රිය 75ක් පමණ ධාවනය වෙතත් සිකුරාදා දවසටම ධාවනය වූයේ දුම්රිය 10ක් පමණි.

වර්ජනය සමථයකට පත්කර ගැනීම සඳහා මුදල් අමාත්‍යංශය හා දුම්රිය වෘත්තීය සමිති අතර පැවැති සාකච්ඡාවේදී මුදල් ඇමැතිවරයා දැනුම් දුන්නේ වැටුප් විශමතා ගැන සාකච්ඡා කිරීමට නම් වැඩ වර්ජනය අවසන් කොට පැමිණෙන ලෙසයි. වෘත්තීය සංගම් එම නියමයට සාර්ථක ප්‍රතිචාර දක්වා නොතිබුණ බැවින් වර්ජනය තව දුරටත් ක්‍රියාත්මක වන බව දැනගන්නට ලැබිණි.