2018 අගෝස්තු 11 වන සෙනසුරාදා

සිසු රක්ෂණාවරණ කාඩ්පත ඇතැම් සිසුන්ට කාඩ්පත ඇතැම් සිසුන්ට ලැබී නෑ

 2018 අගෝස්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 110

I චමිඳු නිසල් ද සිල්වා

අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පසුගිය වසරේදී හඳුන්වාදුන් සුරක්ෂා සිසු රක්ෂණාවරණයේ ප්‍රතිලාභ ලබාගැනීම පිළිබඳ උපදෙස් පත්‍රිකා ඇතැම් පාසල්වල විදුහල්පතිවරුන්ට සහ මව්පියන්ට නොලැබී ඇතැයි ඇතැම් ප්‍රදේශවලින් වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞඛ්‍ය හා රක්ෂණ ශාඛාවේ අධ්‍යක්ෂ රේණුකා පීරිස් මහත්මියගෙන් කළ විමසීමකදී එම මහත්මිය ප්‍රකාශ කළේ අදාළ උපදෙස් පත්‍රිකා සියලු පාසල් වෙත යවා ඇති බවය. මේ සම්බන්ධයෙන් මව්පියන්ට හෝ විදුහල්පතිවරුන්ට යම් ගැටලුවක් වේ නම් ඒ පිළිබඳ විස්තර අධ්‍යාපන අමාත්‍යාංශයේ 0113641555 සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ 0112357357 යන දුරකතන අංකවලින් විමසා දැනගත හැකි බව ඇය සඳහන් කළාය.

සුරක්ෂා ප්‍රතිලාභ ලබාගත හැකි ආකාරයද රේණුකා පීරිස් මහත්මිය කෙටියෙන් පැහැදිලි කරයි. ඒ අනුව රෝහල් ගතවීමකදී හෝ හදිසි අනතුරකින් මියගිය විට හිමිකම් පත්‍රය ළඟම පිහිටි රක්ෂණ සංස්ථාවේ ශාඛාවෙන් හෝ අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියෙන් ලබාගත හැක. සිසු රක්ෂණ කාඩ්පත තිබේ නම් එය අවශ්‍ය නොවේ. බිල්පත් සහ ලියකියවිලි ළඟම පිහිටි රක්ෂණ සංස්ථා ශාඛාවට බාරදීම හෝ කොළඹ රක්ෂණ මන්දිරයට යොමුකිරීම කළ යුතුය. අධ්‍යාපන අමාත්‍යාංශයට යොමුකිරීමෙන්ද අදාළ කටයුතු සකසා දිය හැකි බවත් අදාළ මුදල නියමිත බැංකු ගිණුමට බැරකරන බවත් ඒ මහත්මිය සඳහන් කළාය.