2018 අගෝස්තු 11 වන සෙනසුරාදා

රාජ්‍ය සේවයට වැටුප් කොමිසමක් එයි

 2018 අගෝස්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 49

I දේශපාලන වාර්තාකරු

රජයේ විවිධ දෙපාර්තමේන්තු යටතේ ක්‍රියාත්මක වන සේවාවන් 42ක පමණ වැටුප් තල සංශෝධනය සඳහා නව වැටුප් කොමිසමක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීන්දු කළේය.

අමාත්‍ය මණ්ඩලය මෙම තීරණය ගනු ලැබුවේ රජයේ විවිධ සේවාවන්ට සම්බන්ධ වෘත්තීය සමිති තම තමන්ගේ සේවාවන්ට බලපාන වැටුප් විෂමතා තුරන් කරන ලෙස ඉල්ලමින් වෘත්තිය අරගලවලට යොමුවීම නිසාය. වෙන වෙනම ඒ ඒ සේවාවන්හි වැටුප් විෂමතා ඉවත් කරන්නට ගියහොත් සෙසු සේවාවන් ද ඒ ආකාරයේම ඉල්ලීම් ඉදිරිපත් කරන නිසා වැටුප් කොමිසම මගින් මෙම ප්‍රශ්නය විසඳීම තීන්දු කැරිණි.

දැනටමත් රාජ්‍ය පරිපාලන සේවය, ඉංජිනේරු සේවය, වෛද්‍ය සේවය, දුම්රිය සේවය ආදී සේවාවන් ගණනාවකින් වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලා වෘත්තිය අරගල දියත් කර ඇත.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01