2018 අගෝස්තු 11 වන සෙනසුරාදා

බන්ධනාගාර බුද්ධි අංශය කොටඋඩ!

 2018 අගෝස්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 49

I ජයන්ත සමරකෝන්

හදිසියේ විසුරුවා හැරීම හේතුවෙන් බන්ධනාගාර බුද්ධි හා ආරක්ෂණ අංශය අකර්මණ්‍ය වී ඇතැයි වාර්තා වේ. 2009 වසරේ පිහිටැවූ මේ අංශය බන්ධනාගාරවල සිදුවන නීති විරෝධී ක්‍රියාවන්ට වගකිව යුතු බව කියමින් විසුරුවා හරිනු ලැබුවේ ඉකුත් 26 දාය.

මේ දක්වා ඔවුහු කිසිදු කාර්යභාරයක් නොමැතිව කාලය ගත කරන බවද පැවසේ.

බන්ධනාගාර බුද්ධි හා ආරක්ෂණ අංශය භාරව සිටි බන්ධනාගාර අධිකාරී යූ.බී. වලිසුන්දර මහතා මේ වන විට වටරැක බන්ධනාගාරය වෙත මාරුකර යවා ඇත.

එහෙත්, සෙසු සාමාජිකයන් පිරිස පිළිබඳව මේ දක්වා කිසිදු තීරණයක් ගෙන නැතැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් (දේශයට) පැවසීය.