2018 අගෝස්තු 11 වන සෙනසුරාදා

ගම්පෙරළියෙන් ගමක පවුල් 50කට සමෘද්ධිය දෙන්න යයි

 2018 අගෝස්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 40

I ගයාන් ගාල්ලගේ

දිවයිනේ ග්‍රාමසේවක කොට්ඨාස මට්ටමින් දිළිඳු පවුල් 50ක් තෝරාගෙන එම පවුල් සඳහා සමෘද්ධිය පිරිනැමීමට එක්සත් ජාතික පක්ෂය විසින් තීරණය කර තිබේ.

ඒ පිළිබඳ සොයාබලා තොරතුරු ලබාදෙන්න යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දන්වා ඇත. මේ බව දන්වා ඇත්තේ පසුගියදා එම පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම රැස්වූ අවස්ථාවේදීය.

ගම්පෙරළිය වැඩසටහන යටතේ මෙය ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති අතර දුගී බව තුරන් කිරීමේ අරමුණින් මෙය සිදුකරන බව එම සාකච්ඡාවේදී සඳහන් වී ඇත.