2018 ජුලි 28 වන සෙනසුරාදා

විජයකලා ප්‍රකාශය වටේ යයි

 2018 ජුලි 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 57

I ගයාන් ගාල්ලගේ

හිටපු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මියගෙන් පොලීසිය ලබාගත් ප්‍රකාශය රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව වෙත යොමුකරන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් දේශයට පැවසීය.

එයට හේතු වී ඇත්තේ ඇය ප්‍රකාශය ලබාදුන්නේ දෙමළ භාෂාවෙන් වීම නිසා බව සඳහන් වේ. ඊට අමතරව තවත් ප්‍රකාශ 25ක්ද රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව වෙත යොමුකිරීමට නියමිතව තිබේ.

එම ප්‍රකාශ පරිවර්තනය කිරීමෙන් පසුව වාර්තාව සකසා පොලිස්පතිවරයාට ලබාදීමට නියමිතව ඇත. ඉන් අනතුරුව පොලිස්පතිවරයා විසින් නීතිපතිවරයාට ලබාදීමට කටයුතු කරන බව එම නිලධාරියා සඳහන් කළේය.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01