2018 ජුලි 21 වන සෙනසුරාදා

ආණ්ඩුවට වසර 3 ක් පිරෙනදා ඒකාබද්ධයෙන් මහා උද්ඝෝෂණයක්

 2018 ජුලි 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 47

I සංජීවිකා සමරතුංග

වත්මන් පාර්ලිමේන්තුවට වසර තුනක් සපිරෙන අගෝස්තු මස 17දා රජයේ ක්‍රියාකලාපයට එරෙහිව කොළඹදී දැවැන්ත උද්ඝෝෂණයක් සිදුකිරීමට ඒකාබද්ධ විපක්ෂය තීන්දු කර ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි සංවිධානය කෙරෙන මෙම උද්ඝෝෂණය කොළඹ ලිප්ටන් වටරවුම කේන්ද්‍ර කරගෙන පැවැත්වෙනු ඇති බවද ඒකාබද්ධය පවසයි.

රජයේ මර්දනකාරී පිළිවෙත, මැතිවරණ කල්දැමීම, අධික ජීවන බර, ජාතික සම්පත් විකුණා දැමීම, පාතාලය පාලනය නොකිරීම, බැඳුම්කර මගඩිය ඇතුළු ප්‍රධාන කරුණු තේමා කරගනිමින් මෙකී උද්ඝෝෂණය පැවැත්වෙන අතර කොළඹ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය මෙහි ප්‍රධාන සංවිධායකත්වය දරනු ඇත.