2018 ජුලි 07 වන සෙනසුරාදා

ක්‍රිකට් තරුවක් දේශපාලන පිටියට

 2018 ජුලි 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 67

I සංජීවිකා සමරතුංග

මෙරට ඉතාමත් ජනප්‍රිය ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයකු දේශපාලනයට පිවිසීම සඳහා සූදානම් වන බව ඉතාමත් විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දේශයට වාර්තා වෙයි.

මෙහි ප්‍රථම පියවර වශයෙන් එම ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයා සම්බන්ධ වෘතාන්ත චිත්‍රපටයක් නිර්මාණය කෙරේ. දකුණු ඉන්දියාවේ ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන ප්‍රභූ දේවාට මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමට භාරදී ඇත.

දැනට රජයට අයත් පක්ෂයකින් මොහු දේශපාලනයට පිවිසෙනු ඇතැයි දැනගන්නට තිබේ. පසුගියදා මොහු ඉන්දියාවේ ප්‍රබල දෛවඥයන් ගණනාවක් මුණගැසී ඇති බවද වාර්තා වෙයි.

පසුගිය කාලයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාරට ද මෙලෙස දේශපාලනයට එක්වන ලෙස එ.ජා.ප.ය ආරාධනා කළද ඔහු එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. සංගක්කාර, මහේල සමඟ ක්‍රිකට් කණ්ඩායමේ සිට දේශපාලනයට පිවිසීමට අදහස් කරන හිටපු ක්‍රිකට් තරැව පන්දු යවන්නකු ලෙස කීර්තියට පත්වූවෙකි.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01