2018 ජුලි 07 වන සෙනසුරාදා

ඉන්ධන මිල සතිපතා වෙනස් වෙයි

 2018 ජුලි 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 161

I සංජීවිකා සමරතුංග

ඉන්ධන මිල ගණන් සතිපතා වෙනස් කරන්නට  ගිය සතියේ රජය තිරණය කළේය. ඉන්ධන මිල සූත්‍රය අනුව තෙල් මිල ඉහළ පහළ දැමීමේ ක්‍රමවේදය යටතේ මෙම තීරණය ගත් බව රජයේ ප්‍රකාශකයෙක් දේශයට කීය.

පසුගිය සිකුරාදා සිට රජය ඉන්ධන මිල ගණන් ඉහළ දැමීය. ඒ අනුව පෙට්‍රල් ලීටරය රු. 145/- දක්වා ද, ඩීසල් ලීටරය රුපියල් 118/- දක්වා ද ඉහළ දැමිණි. නමුත් පසුව එය අත්හිටවනු ලැබිණ. කෙසේ වෙතත් ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල හා රුපියල් අවප්‍රමාණය වීම සලකාබලා ඉදිරියේදි සතිපතා මිල ගණන් තීන්දු කිරීමට නියමිතව ඇතැයි රජය කියයි. 

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00