2018 ජුනි 30 වන සෙනසුරාදා

නිව්යෝර්ක් ටයිම්ස් චෝදනාවට රජයේ තීන්දුව එන සතියේ

 2018 ජුනි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 59

දේශපාලන වාර්තාකරු l

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය වෙනුවෙන් අමෙරිකානු ඩොලර් ලක්ෂ 76ක මුදලක් ලබාදීම ගැන කෙරෙන පරීක්ෂණය ගැන ලබන සතියේ තීන්දුවක් ගනු ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට කීය.

මෙම ආන්දෝලනාත්මක සිද්ධිය ගැන මූල්‍ය අපරාධ කොට්ඨාසය ලවා පරීක්ෂණයක් කරන්නට  විශේෂ ජනාධිපති කොමිසමක් පත් කොට විමර්ශනයක් කරවන්නේද යන්න ඒ අනුව තීන්දු කෙරෙනු ඇතැයි වාර්තා වේ. නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මේ ගැන දැනටමත් රජයේ මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිලි කර ඇත. ජාතික හෙළ උරුමය මේ ගැන සෙවීමට ජනාධිපති කොමිසමක් ඉල්ලා තිබේ.

ඒ අතර මාධ්‍ය හමුවක් පැවැත්වූ ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීහු මෙම චෝදනාව තරයේම ප්‍රතික්ෂේප කළෝය. හිටපු මහ බැංකු අධිපතිවරයකු වන අජිත් නිවාඩ් කබ්රාල් මහතා ද මහින්ද රාජපක්ෂ මහතාට මෙබඳු මූල්‍ය ආධාරයක් නොලැබුණු බව පැවසීය.