2018 ජුනි 23 වන සෙනසුරාදා

උතුරෙන් ක්ලේමෝ බෝම්බයක් සමඟ ආයුධ තොගයක්

 2018 ජුනි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 98

I දේශපාලන වාර්තාකරු

මහ බැංකු බැඳුම්කර මගඩියට අදාළව සිදුකළ විමර්ශනයේදී සොයාගත් සංවේදී තොරතුරු ඇතුළත් රහස්‍ය ලිපිලේඛන මැතිසබයට ලබාදිය නොහැකි බව නීතිපතිවරයා ජනාධිපති කාර්යාලයට දැනුම් දී තිබේ.

ත්‍රිරෝද රථය පදවාගෙන යමින් සිටි ආරියරත්නම් කනකරාසා (40) නමැත්තෙක් අත්අඩංගුවට පත් වූ අතර ත්‍රිරෝද රථයේ පිටුපස අසුනේ වාඩිවී ගමන්ගත් දෙදෙනෙක් තක්ෂිලාමඩු කැලෑවට පලාගොස් ඇත.

පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ යුද හමුදාවේ භට කණ්ඩායම් යොදවා තක්ෂිලාමඩු කැලෑවේ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර පලා ගිය එක් අයකු පසුව අත්අඩංගුවට ගත් බවත් ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ඉරිදා දේශයට පැවසීය.

මෙසේ අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ කිලිනොච්චියේ පදිංචි රායේන්ද්‍රදාස් (22) නමැති තරුණයෙකි. කිසියම් ප්‍රචණ්ඩ ක්‍රියාවක් සිදුකිරීමට මොවුන් මේවා රැගෙන ගියේද යන්න ගැන කරුණු අනාවරණය කර ගැනීමට පරීක්ෂණ පවත්වන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය.

උතුරැ පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතාගේ විශේෂ උපදෙස් මත ඔඩ්ඩිසුඩාන් පුදුකුඩිරිප්පු මාර්ගයේ රාජකාරියේ යොදවා සිටි පොලිස් කණ්ඩායම් කිහිපයක් අතරින් පොලිස් නිලධාරීන් දෙදෙනකු තක්ෂිලාමඩු ප්‍රදේශයේදී සැකකටයුතු ත්‍රිරෝද රථයක් නතර කර එය පරීක්ෂාකර බලමින් සිටියදී එහි ගමන්ගත් දෙදෙනකු පලාගොස් තිබේ. ත්‍රිරෝද රථය පදවාගෙන යමින් සිටි පුද්ගලයා අල්ලාගෙන ත්‍රිරෝද රථයේ පිටුපස අසුනේ තිබූ බෑගය පරීක්ෂාකර බැලීමේදී අධි බලැති ක්ලේමෝ බෝම්බය ඇතුළු අනෙකුත් උපකරණ හමුවී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වැඩිදුර පරීක්ෂණ සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතාගේ නියෝගයක් අනුව වැඩිදුර පරීක්ෂණ සඳහා ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයට (ටී.අයි.ඩී.) බාරදී ඇත.
කැලෑවට පලාගිය අනෙක් පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට සෝදිසි මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මක වේ.