2018 ජුනි 23 වන සෙනසුරාදා

වැඩ පෙන්වන්න අගමැති අධීක්ෂණ මන්ත්‍රීන්ට කියයි

 2018 ජුනි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 59

I ගයාන් ගාල්ලගේ

එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ට ලබාදුන් අමාත්‍යංශ අධික්ෂණ තනතුරු ඉක්මනින් භාරගෙන සිය ප්‍රදේශ සංවර්ධනය කරන ලෙසට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් එකී මන්ත්‍රීන්ට දැනුම් දී ඇතැයි නම් සඳහන් නොකළ එජාප මන්ත්‍රිවරයෙක් දේශයට පැවසීය.

අවශ්‍ය මුදල් ප්‍රතිපාදන අදාළ අමාත්‍යංශය වෙත යොමුකරන බවත් සියලු සංවර්ධන කටයුතු අමාත්‍යංශයේ මැදිහත් වීම මත සිදුකරන ලෙසටත් අග්‍රාමාත්‍යවරයා දැනුම් දී තිබේ.

කෙසේ වෙතත් පසුගියදා පසුපෙළ මන්ත්‍රීවරුන් 08 දෙනෙකු අධීක්ෂණ මන්ත්‍රී ධූර අත්හැර එක් අයකු රුපියල් කෝටි 50 බැගින් ප්‍රතිපාදන වෙන්කරන ලෙසට ලිඛිතව අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබිණි. එහෙත් එයට තවම ප්‍රතිචාර ලබා දී නැත.