2018 ජුනි 23 වන සෙනසුරාදා

සජීවී විකාශය සල්ලි නැතුව නවතී

 2018 ජුනි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 58

I සංජීවිකා සමරතුංග

පාර්ලිමේන්තු රැස්වීම්වල සජීවි විකාශය සති කිහිපයක සිට අත්හිටුවා ඇතැයි දේශයට වාර්තාවේ. ඊට හේතුවී ඇත්තේ දිනපතා පැය දෙකක පමණ කාලයක් ජාතික රූපවාහිනිය ඔස්සේ සිදුකළ සජීවී විකාශය සඳහා මාසිකව රුපියල් ලක්ෂ 65ක පමණ මුදලක් අයකිරීම නිසායැයි දැනගන්නට තිබේ.

පවත්නා ප්‍රතිපාදන අනුව වසරකට රුපියල් කෝටි 8කට ආසන්න මුදලක් ඊට වැය කරන්නට සිදුවීම දරාගැනීම අපහසු බැවින් පාර්ලිමේන්තු බලධරයන් මෙම තීන්දුව ගෙන ඇත.

රූපවාහිනී සජීවී විකාශය අත්හිටුවුවද PEO TV ඇති ප්‍රේක්ෂකයන්ට පමණක් පාර්ලිමේන්තුවේ සජීවී විකාශය නැරඹීමට අවකාශ ඇතැයි පාර්ලිමේන්තු බලධරයෝ පවසති.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01