2018 ජුනි 16 වන සෙනසුරාදා

කල්ලි හැදුවොත් වෙනම පක්ෂයක්

 2018 ජුනි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 823

I දේශපාලන වාර්තාකරු

ඒකාබද්ධ විපක්ෂය ගන්නා පොදු තීන්දු උල්ලංඝනය කරමින් කල්ලි කණ්ඩායම් හදන්නට ගියහොත් තමන් දැඩි දේශපාලන තීන්දුවක් ගන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

ඇතැම්විට එය තමන්ගේ නායකත්වයෙන් බිහිවන අලුත් දේශපාලන පක්ෂයක් විය හැකි යැයිද මහින්ද අනතුරු ඇඟවීය.
ඔහු මෙම ප්‍රකාශය කළේ නියෝජ්‍ය කතානායක තෝරා ගැනීමේ ඡන්දයේදී සිය කණ්ඩායමේ ඇතැමුන් පක්ෂ මතයට අනුව ඡන්දය නොදීම සාධාරණීකරණය කිරීමට බැසිල් රාජපක්ෂ මහතා කරුණු දැක්වූ අවස්ථාවේදීය.

මෙහිදී බැසිල් රාජපක්ෂ මහතා පසුගියදා විපක්ෂයට පැමිණි 16 දෙනාගේ කණ්ඩායම සෙසු පක්ෂ නායකයන් හමුවුවද පොහොට්ටුවේ නායකයන් මුණ නොගැසීම ගැන දොස් පැවරීය. එවිට මහින්ද රාජපක්ෂ මහතා කියා ඇත්තේ ඔවුන් තමා මුණගැසුණු වගය. තමන්ගේ නායකත්වය ඡන්දය නොදුන් කණ්ඩායම නොපිළිගන්නේදැයි හෙතෙම එහිදී දැඩි ලෙස ප්‍රශ්න කර ඇත. තම නායකත්වය නොපිළිගන්නා අය වෙත්නම් ඒ බව තමන්ට දන්වන ලෙසද මහින්ද රාජපක්ෂ මහතා කීය. පාර්ලිමේන්තුවේ ආණ්ඩුව සතු 2/3ක බලය අහිමි කිරීමට ආණ්ඩුවෙන් ඉවත්වූ 16 දෙනාගේ සහාය ලබාගත යුතුම යැයි මහින්ද ප්‍රකාශ කර තිබිණි.

 

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01