2018 ජුනි 09 වන සෙනසුරාදා

කිරිපිටි මිල නග්ගන්නැයි කොම්පැනි ඉල්ලයි

 2018 ජුනි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 33

I ගයාන් ගාල්ලගේ

විදේශීය ආනයනික කිරිපිටි මිල වැඩි කරන ලෙස ඉල්ලා සමාගම් කිහිපයක් රජයට බලපෑම් කරමින් සිටින බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.

එසේ මිල වැඩි නොකළහොත් ඉදිරියේදී කිරිපිටි ආනයනය කිරීම පවා සම්පූර්ණයෙන් නවතා දැමීමට සිදුවන බවට ඔවුන් රජයට දැනුම් දී තිබේ. භාණ්ඩවල මිල ඉහළ යාම සහ නව බදු ප්‍රතිපත්ති නිසා මෙලෙස කිරිපිටි මිල ඉහළ දමන ලෙස ඉල්ලා ඇත.

කෙසේ වෙතත් රජය කිසිදු පිළිතුරක් එම ඉල්ලීම්වලට ලබාදී නැතැයිද දැනගන්නට ඇත.