2018 ජුනි 09 වන සෙනසුරාදා

සම්බන්ධීකරණ මන්ත්‍රීන්ට නියෝග නැත්නම් වාහන නැහැ

 2018 ජුනි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 50

I දේශපාලන වාර්තාකරු

එ.ජා.පය නියෝජනය කරන කැබිනට් අමාත්‍යවරුන්ගේ අමාත්‍යංශවලට අලුතෙන් පත්කර තිබෙන සම්බන්ධීකරණ මන්ත්‍රීන් සඳහා නිල වාහන සැපයීම පිණිස විධිමත් නියෝගයක් ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලා සිටීමට අමාත්‍යංශ ලේකම්වරුන් ගණනාවක් තීන්දු කර ඇතැයි වාර්තා වේ.

මෙලෙස සම්බන්ධීකරණ මන්ත්‍රී තනතුරු ලද 51 දෙනකුට නිල වාහන සපයන ලෙස රජය විෂය භාර අමාත්‍යවරුන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. එම ඉල්ලීම ඉටු කිරීමට නම් තමන්ට විධිමත් නියෝගයක් ලබා දිය යුතු බව අමාත්‍යංශ ගණනාවක ලේකම්වරුන් එකී විෂය භාර ඇමැතිවරුන්ට මේ වනවිටත් දන්වා ඇතැයි කියැවේ. ඒ අතර අමාත්‍යංශ ගණනකට පත්කළ සම්බන්ධීකරණ මන්ත්‍රීන් තමන්ට නිල වාහන සපයන ලෙස අමාත්‍යංශ ලේකම්වරැන්ගෙන් දැනටමත් ඉල්ලීම්කර ඇතැයි දැනගන්නට තිබේ.