2018 ජුනි 09 වන සෙනසුරාදා

මන්ත්‍රීන් 2කට අලුත් පට්ටම් එපාලු

 2018 ජුනි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 47

I ගයාන් ගාල්ලගේ

එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු සඳහා ලබාදුන් අධීක්ෂණ මන්ත්‍රී ධූරය තමන් බාර නොගන්නා බව රත්නපුර දිස්ත්‍රික් එජාප මන්ත්‍රී හේෂාන් විතානගේ මහතා දේශයට පැවසීය. තමන් ප්‍රතිපත්තිගරුක මන්ත්‍රීවරයකු නිසා එලෙස අමාත්‍යාංශ අධීක්ෂණ මන්ත්‍රී ධූරය බාර නොගන්නා බව හෙතෙම සඳහන් කළේය.

කෙසේ වෙතත් ඊට අමතරව ඌව පළාත නියෝජනය කරන තවත් මන්ත්‍රීවරයකුද එය ලබා නොගෙන සිටීමට තීරණය කර ඇතැයි ආරංචි මාර්ග පවසයි.

පසුපෙළ මන්ත්‍රීවරුන් 51 දෙනෙක් සඳහා මෙම අධීක්ෂණ මන්ත්‍රී ධූර අග්‍රාමාත්‍යවරයා විසින් ලබාදී තිබුණි.