2018 ජුනි 02 වන සෙනසුරාදා

පළාත් ඡන්දෙට එජාපයෙන් අලුත් මෙහෙයුමක්

 2018 ජුනි 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 291

I ගයාන් ගාල්ලගේ

එළඹෙන පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය සහතික කිරීම උදෙසා ඡන්දය පැවැත්වෙන පළාතේ සිටින මැති ඇමැතිවරුන් වෙනුවට වෙනත් පළාතක සිටින මැති ඇමැතිවරුන්ට මැතිවරණ ව්‍යාපාරයේ මෙහෙයුම් කටයුතු බාරදීමට එක්සත් ජාතික පක්ෂය තීන්දු කර ඇතැයි පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් දේශයට පැවසීය.

පළාතේ සිටින මැති ඇමැතිවරුන් වෙනුවට පිට පළාතක සිටින මැති ඇමැතිවරුන් එම පළාතට කැඳවා මැතිවරණය ජයග්‍රහණය තෙක් ඡන්ද ව්‍යාපාරය සිදුකරගෙන යාම මෙහි අරමුණු වී තිබේ.

විශේෂයෙන් අදාළ අමාත්‍යවරුන් හරහා නව ව්‍යාපෘති රැසක් එම පළාතට ගෙන ඒමටත් එසේම එක්සත් ජාතික පක්ෂය බිම් මට්ටමින් ශක්තිමත් කිරීම සඳහාත් මෙලෙස කටයුතු කිරීමට තීරණය කර ඇති බව සඳහන් වේ. එකී මන්ත්‍රී කණ්ඩායම් මෙම සතියේදී පත් කිරීමට නියමිතව ඇත.