2018 මැයි 12 වන සෙනසුරාදා

කළකිරුණු මැති ඇමැතිලා රහස් සාකච්ඡාවක

 2018 මැයි 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 494

දේශපාලන වාර්තාකරු l

එ.ජා.ප.ය - ශ්‍රී ල.නි.ප. මෛත්‍රී පිල සහ පොදුජන පෙරමුණ (පොහොට්ටුව) දේශපාලන පක්ෂවල අභ්‍යන්තර ආරවුල් නිසා කලකිරීමට පත්ව සිටින මැති ඇමැති පිරිසක් වෙනම සන්ධාන ගතවීමට රහසිගත කතාබහක් ආරම්භ කර ඇතැයි දේශයට වාර්තා වෙයි.

දැනට අදාළ පක්ෂවල මන්ත්‍රීන් 10 දෙනකු පමණ මෙම කතාබහට එක්ව ඇති අතර ඔවුන් පවසන්නේ තවත් මැති ඇමැති පිරිස් තමන් සමඟ එක්වීමට කැමැත්ත පළකර ඇති වගයි. මෙයින් බොහෝ දෙනා එකී පක්ෂ ප්‍රතිසංවිධාන හා වත්මන් ක්‍රියාකාරීත්වයන් ගැන අසතුටින් පසුවන්නෝ වෙති. දැන් ඒ බහුතරය නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බවද වාර්තා වෙයි. මෙම කණ්ඩායම ඉදිරියේදී විධිමත් සංවිධානයක් ලෙස ක්‍රියාත්මක වීමට සැලැසුම්කරන බව ඊට සම්බන්ධ ජ්‍යෙෂ්ඨයෙක් දේශයට පැවසීය.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01