2018 මැයි 12 වන සෙනසුරාදා

පැකට් කළ වැලි වෙළෙඳපොළට

 2018 මැයි 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 467

I ගයාන් ගාල්ලගේ

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට පිරිසිදු කරන ලද වැලි සිමෙන්ති කොට්ට මෙන් ඇසුරුම් කොට විකිණීමේ නව ව්‍යාපාරයක් එළඹෙන 18 වැනිදා සිට ආරම්භ කරන බව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ සභාපති අසේල ඉද්දවෙල මහතා දේශයට පැවසීය.

“මනම්පිටිය හලන ලද වැලි” නමින් අලෙවි කෙරෙන මෙම වැලි කිලෝග්‍රෑම් 10, 25 සහ 50 කොට්ට වශයෙන් ජනතාවට මිලදී ගැනීමට හැකිවන ලෙස සකසා ඇති බව ඒ මහතා සඳහන් කළේය.

මෙහි විශේෂත්වය වන්නේ සාමාන්‍යයෙන් වැලිවල අඩංගු පස්, මඩ හා ගල් ඉවත් කර තිබීමයි. මෙහි පළමු පියවර ලෙස 18 වැනිදා නුගේගොඩ පිහිටි එම කාර්යාංශයේ තාක්ෂණික ආයතනය ඉදිරියේ වෙළඳසැලක් විවෘත කරන බවත් ඉන් අනතුරුව දිවයින පුරා බෙදාහරින බව සභාපතිවරයා වැඩිදුරටත් කීය.