2018 අප්‍රේල් 13 වන සිකුරාදා

තෙල් මිල සූත්‍රය මැයි 1දා

 2018 අප්‍රේල් 13 වන සිකුරාදා, පෙ.ව. 06:00 194

දේශපාලන වාර්තාකරු l

ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ගණන් ඉහළ පහළ යන ආකාරයට මෙරට ඉන්ධන මිල සැකසෙන මිල සූත්‍රය මැයි මස 1 දා සිට ක්‍රියාත්මක කිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබේ.

මුදල් ඇමැතිවරයාගේ නියමයෙන් ඊට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවද මේ වනවිට සකස්කර ඇතැයි වාර්තා වෙයි.
එම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අනුව 2018 මැයි 01දා සිට 2019 අප්‍රේල් 01 දා දක්වා ගතවන මාස 11 තුළ පියවරෙන් පියවර ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීම රජයේ සැලසුමයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහනට සමගාමීව පසුගිය මාර්තු මස 31දා සිට මිල සූත්‍රය ක්‍රියාත්මක කරන ලෙස රජයට දන්වා තිබිණි. ඒ අනුව නව තීරණය ගැනිණ. තෙල් මිල සූත්‍රය සමඟ ක්‍රියාත්මක කළයුතු විදුලිය මිල සූත්‍රය ක්‍රියාත්මක කරන දිනයක් රජය මෙතෙක් තීරණය කර නැත.