2017 අගෝස්තු 12 වන සෙනසුරාදා

මහින්දගෙන් රාජිත නඩුවක්

 2017 අගෝස්තු 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1047


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වත්කම් සම්බන්ධව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වරින්වර කරනු ලබන ප්‍රකාශ සම්බන්ධව ඔහුට එරෙහිව නඩු පැවරීමට මහින්ද රාජපක්ෂ මහතා තීන්දු කර ඇතැයි ඒකාබද්ධ විපක්ෂ ආරංචි මාර්ග කියයි.

මේ ගැන පසුගියදා පැවැති ඒකාබද්ධ විපක්ෂ නායකයන්ගේ රුස්වීමේදී දීර්ඝ වශයෙන් යෝජනා වී තිබේ. මැදපෙරදිග රටක රාජපක්ෂවරුන් සතු රහසිගත ගිණුමක ඩොලර් බිලියන 18ක් ඇතැයි යන චෝදනාව වාර ගණනාවක් අමාත්‍ය සේනාරත්න විසින් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර ඇති නිසා එයට එරෙහිව මුල්ම නඩුව පවරන බව ඒකාබද්ධ විපක්ෂ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට කීය.

I දේශපාලන වාර්තාකරු