2017 අගෝස්තු 12 වන සෙනසුරාදා

ඉන්දියාව මත්තල ඉල්ලයි

 2017 අගෝස්තු 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 208


මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපොළ වසර 40ක කාලයකට බදු ගැනීමට ඉන්දියානු රජය යෝජනා කර ඇතැයි දේශයට වාර්තා වෙයි. මේ සතියේ ඉන්දියානු රජයේ යෝජනාව කැබිනට් මණ්ඩලයට ද ඉදිරිපත් කර තිබිණි.

ඉන්දීය රජයේ යෝජනාව අනුව ගුවන් තොටුපොළ කොටස්වලින් 60% ඉන්දියාවට ද 40%ක් ශ්‍රී ලංකාවට ද හිමිවන ලෙස ගිවිසුමක් ඇති කරගත යුතුයැයි යෝජනා වී ඇත. මේ සඳහා ඉන්දීය ආණ්ඩුව ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 290ක් ගෙවන බවද ඉදිරිපත්ව ඇති යෝජනාවේ සඳහන්ය. මේ ගැන අධ්‍යනය කොට තීන්දුවක් ගැනීමට රජය තීරණය කර ඇතැයි අප වෙත අදහස් දැක්වූ රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

චීන රජය හම්බන්තොට වරාය දිගුකාලීන බදු පදනම යටතේ ලබාගැනීමට ගිවිසුම් අත්සන් කිරීමෙන් පසු ඉන්දිය රජය මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.

I දේශපාලන වාර්තාකරු