2017 ජුලි 15 වන සෙනසුරාදා

මීළඟ ණය වාරිකය සැප්තැම්බරයේ

 2017 ජුලි 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 87


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට සැපයීමට එකඟ වී තිබෙන ණය මුදලේ තුන්වැනි වාරිකය ලබන සැප්තැම්බරයේ නිදහස් කෙරෙනු ඇතැයි මූල්‍ය අරමුදල් ආරංචි මාර්ග සඳහන් කරයි.

ණය සැපයීමට පෙර දේශීය ආදායම් පනත ඉදිරිපත් කිරීම, මහ බැංකු මූල්‍ය සංචිත වර්ධනය කිරීම ඇතුළු කොන්දේසි මාලාවක් සපුරන ලෙස මූල්‍ය අරමුදල ශ්‍රී ලංකා රජයට දන්වා තිබුණි. දේශීය ආදායම් පනත දැන් මැතිසබයට ඉදිරිපත් කර තිබේ. සෙසු ආර්ථික ප්‍රතිසංස්කරණද ආරම්භ කරඇත. එබැවින් අමෙරිකානු ඩොලර් මිලියන 169කින් සමන්විත තෙවැනි ණය වාරිකය නිදහස් කිරීමට අදාළ යෝජනාව මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලයට සැප්තැම්බරයේ ඉදිරිපත් කෙරේ. එය අනුමත කළ වහාම ණය නිදහස් කෙරෙනු ඇත. එම අරමුදල් භාවිත කළ හැක්කේ මෙරට මහ බැංකුවේ මූල්‍ය සංචිත වර්ධනය කරගැනීමට පමණි.

I සංජීවිකා සමරතුංග