2017 මැයි 13 වන සෙනසුරාදා

කොළඹ ආර්කේඩ් රේස්කෝස් විකුණයි?

 2017 මැයි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 497


කොළඹ 7 ආර්කේඩ් වෙළෙඳ උද්‍යානය, කොළඹ පැරැණි තුරඟ තරග පිටිය සහ නුවරඑළිය ඉපැරැණි තැපැල් කාර්යාල ගොඩනැගිල්ල පෞද්ගලික ආයෝජකයන්ට පැවරීමට අදාළ යෝජනාවක් මුදල් අමාත්‍යංශය රජයට ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.

එහෙත් කොළඹ 7 ආර්කේඩ් වෙළෙඳ උද්‍යානය සහ පැරැණි තුරඟ තරග පිටිය පෞද්ගලිකකරණයට මහ නගර සංවර්ධන අමාත්‍ය චම්පික රණවක දැඩි විරෝධය පළකර තිබේ. ඒ අතර මත්තල ගුවන්තොටුපොළ සහ ඒ ආශ්‍රිතව ඇති ඉඩම් අක්කර 800කට අධික භූමිය තක්සේරුකර තක්සේරු වාර්තාවක් සපයන ලෙස මුදල් අමාත්‍යංශය රජයේ ප්‍රධාන තක්සේරුකරුට දැනුම් දී තිබේ. ආර්කේඩ් වෙළෙඳ උද්‍යානය පෞද්ගලික ආයෝජකයකු ඉල්ලා ඇතැයි රජයේ ආර්ථික කමිටුවේදී සඳහන් වී තිබේ.

නුවරඑළිය බ්‍රිතාන්‍ය පාලන කාලයේ ඉදිකළ ඉපැරැණි වටිනාකමක් සහිත තැපැල් කාර්යාල ගොඩනැගිල්ල ප්‍රකට ඉන්දීය හෝටල් සමාගමකට පැවරිය යුතුය යන යෝජනාව ආර්ථික කවුන්සිලය සලකා බැලූ බවද කියැවේ.

l ව්‍යාපාරික වාර්තාකරු