2017 මැයි 13 වන සෙනසුරාදා

විග්නේශ්වරන්ගේ ටිකට් කැපෙයි

 2017 මැයි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 253


ඉදිරි පළාත් සභා මැතිවරණයේදී උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතාට දෙමළ සන්ධානයෙන් නාම යෝජනා ලබානොදීමට එම පක්ෂය අභ්‍යන්තර තීරණයක් ගෙන ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

විග්නේෂ්වරන් වෙනුවට දෙමළ සන්ධාන මන්ත්‍රී එස්. ශ්‍රී ධරන් මහතා ඉදිරිපත් කළ යුතුයැයි දෙමළ සන්ධානයේ ජ්‍යෙෂ්ඨයන් එකඟතාවකට පත්ව සිටින බවත් දැනගන්නට තිබේ. විග්නේෂ්වරන් මහතා පක්ෂ මතය හා එකඟ නොවී වෙනත් සංධානයක් සඳහා අනුබල දීම වැනි හේතු කාරණා ගණනාවක් මෙම තීරණය සඳහා බලපා ඇතැයි කියැවේ. උතුරු පළාත් සභාවේ මීළඟ මැතිවරණය ලබන වසරේ පැවැත්විය යුතුව ඇත.

l සංජීවිකා සමරතුංග