2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා

භූමදාන ආදාහන අර්බුදය: මා කීවේ සෞඛ්‍ය බලධරයන් කියන දේමයි - අගමැති

 2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 404

දේශපාලන වාර්තාකරු I

කොරෝනාවෙන් මරණයට පත්වන මුස්ලිම් ජනතාවගේ මෘතදේහයන් භූමදානය කළ හැකි යැයි තමන් ප්‍රකාශ කළේ සෞඛ්‍ය අමාත්‍යාංශය පත් කළ විද්වත් කමිටුවේ නිර්දේශවලට අනුකූලව බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දේශයට කීය.

ඒ ගැන අප අගමැතිවරයාගෙන් විමසා සිටියේ විද්වත් කමිටු සභාපතිනි ආචාර්ය ජෙනිෆර් පෙරේරා මහත්මිය පවසන ආකාරයට කොරෝනා මෘතදේහ භූමදානයටත් ආදාහනයටත් දෙකටම අවසර දී තිබෙන්නේද කියායි. එය තහවුරු කළ අගමැතිවරයා මෘතදේහ භූමදානය කිරීමට කැමැති කෙනකුට එයට හැකියාව තිබෙන බව තමන් කළ ප්‍රකාශයේ අර්ථය බව පැවසීය. එහෙත් එය හිතුමතේ කළ නොහැකි බවත් මෙම නිර්දේශය ලබාදුන් සෞඛ්‍ය බලධරයන්ම එය සිදුකළ යුතු ආකාරය ගැන අදාළ රෙගුලාසි සම්පාදනය කළ යුතු යැයිද පැවසීය.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01