2021 ජනවාරි 16 වන සෙනසුරාදා

ලෝක සෞඛ්‍යයෙන් ලංකාවට මුලින්ම එන්නත් ලක්ෂයක්

 2021 ජනවාරි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 226

I දේශපාලන වාර්තාකරු

ශ්‍රී ලංකාවේ කොවිඩ් එන්නත්කරණ වැඩසටහන ආරම්භ කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය හැකි ඉක්මණින් සංකේතාත්මකව ශ්‍රී ලංකාවට එන්නත් මාත්‍රා ලක්ෂයක් සපයන බව මේ වනවිට රජයට දැනුම් දී ඇතැයි එන්නත්කරණ කමිටුවේ සභාපති ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතා දේශයට පැවැසීය.

එලෙස මුලින්ම ලැබෙන එන්නත් ලක්ෂය ඇමෙරිකාවේ නිපදවන ෆයිසර් එන්නත යැයිද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
එම එන්නත් මෙම මාසය අවසානයේ පමණ මෙරටට ලැබිය හැකි බවට ඔහු විශ්වාසය පළ කළේය.

රජය මේ වනවිට එන්නත්කරණ සවිස්තරාත්මක සැලසුම සකස්කර හමාර කර ඇතැයිද වීරතුංග මහතා කීය. එන්නත් සඳහා අවශ්‍ය ශීතාගාර ගබඩා - සිරින්ජර් මිලියන 20ක් සපයා ගැනීම වැනි කටයුතු මේ වනවිට සංවිධානය කෙරෙමින් පවතී.
ලෝක සෞඛ්‍ය සංවිධානය සමස්ත වශයෙන් රටේ ජනගහනයෙන් 20%කට අවශ්‍ය එන්නත් සපයන අතර ඉතිරි ඒවා ඉන්දියාවේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ් එන්නතෙන්ද චීන එන්නතෙන්ද සම්පූර්ණ කර ගැනෙයි.