2020 නොවැම්බර් 21 වන සෙනසුරාදා

කොවිඩ් වෛරස වර්ග හැත්තෑදාහක්

 2020 නොවැම්බර් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 204

I සුගත් පී. කුලතුංගආරච්චි

ශීඝ්‍ර ලෙස පැතිර යන වේගවත් වර්ධනය සහිත කොවිඩ් වෛරස ප්‍රභේද හැත්තෑදහසක් (70,000) පමණ ලොවපුරා විවිධ රටවලින් වාර්තා වී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ ප්‍රතිශක්තිවේද හා අනුක වෛද්‍ය විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය දේශයට පැවසුවාය.

දැනට ලොවපුරා මූලිකව පැතිර පවතින්නේ එකම SARS – COV 2 වෛරසය බව ඇය ප්‍රකාශ කරයි. එහෙත් ලෝකයේ විවිධ කලාපවල විපරීත වූ මෙකී වෛරසයේ සියුම් ප්‍රභේද 70,000 හඳුනාගෙන ඇතැයි වාර්තා වන බව ඇය සඳහන් කළාය. ශ්‍රී ලංකාවේදී හඳුනාගෙන ඇති ඇතැම් වෛරස ප්‍රභේද තුළ මෙම ලක්ෂණ දක්නට ඇතැයිද මහාචාර්යවරිය වැඩිදුරටත් කීවාය. එහෙත් එමනිසා මෙරටට එම වෛරසය යුරෝපයේ සිට පැමිණි බවට නිගමනයට කිරීමට කිසිදු සාධකයක් නැතැයිද මහාචාර්ය මලවිගේ පැවසුවාය.

කෙසේ වෙතත් පූර්ව සෞඛ්‍ය ආරක්ෂාව සලසා ගැනීමත් සමාජ පුද්ගල දුරස්ථභාවය තබාගැනීමත් රෝගය වැළැක්වීමට ඉතා වැදගත් වන බවද ඇය ප්‍රකාශ කළාය.

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00