2020 ඔක්තෝබර් 24 වන සෙනසුරාදා

අලුත් ස්වාධීන කොමිෂන් සමඟ පාර්ලිමේන්තු සභාවක් එයි

 2020 ඔක්තෝබර් 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 453

l දේශපාලන වාර්තාකරු

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ලබන සතියේ කතානායකවරයා අත්සන් තැබීමෙන් පසු පළමුවෙන්ම පාර්ලිමේන්තු සභාව (උසස් නිලතල සඳහා සුදුස්සන් පත්කෙරෙන සභාව) පත් කිරීම හා ස්වාධීන කොමිෂන් සභාවලට සාමාජිකයන් පත් කිරීම සිදුකෙරෙන බව රජය පවසයි.

දැනටමත් පාර්ලිමේන්තු සභාවට සහ ස්වාධීන කොමිෂන් සභා සඳහා පත්කෙරෙන තැනැත්තන්ගේ නාමලේඛන සකස් කර ඇත. මේ අනුව මුලින්ම පත් කෙරෙනු ඇත්තේ අල්ලස් දූෂණ කොමිසම සහ මානව හිමිකම් කොමිසමයි. අනතුරුව නව මැතිවරණ කොමිසම පත් කෙරෙයි. 

ඊට අදාළ නව විධිවිධාන ඇතුළත් 20 වැනි සංශෝධනය මැතිසබයෙහි සම්මත වීමත් සමඟ ගිය සිකුරාදාම නීතිපතිවරයා වෙතත් නීති කෙටුම්පත් සම්පාදකවරයා වෙතත් යොමු කෙරිණි. අනතුරුව නීතිපති නිර්දේශ මත නීති කෙටුම්පත් සම්පාදකවරයා විසින් මැතිසබයේදී සිදු කළ සංශෝධන සහිතව සම්මත වූ අවසන් ව්‍යවස්ථා කෙටුම්පත සකස් කොට කතානායකවරයාගේ අත්සනට ඉදිරිපත් කිරීමට නියමිතය. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊට අත්සන් තැබීමත් සමඟ එය නීතියක් බවට පත්වෙයි.

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00