2020 ඔක්තෝබර් 17 වන සෙනසුරාදා

පී.සී.ආර්. ටෙස්ට් දවසකට 8,000ක්: ජනපතිගෙන් උපදෙස්

 2020 ඔක්තෝබර් 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 92

දේශපාලන වාර්තාකරු l

කොරෝනා රෝගීන් හඳුනාගැනීම සඳහා දිනකට පී.සී.ආර්. පරීක්ෂණ 8,000ක්වත් සිදුකළ යුතු යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය බලධරයන්ට උපදෙස් ලබා දී ඇත.

මේ වන විට දිනකට සිදු කරන්නේ පී.සී.ආර්. පරීක්ෂණ 5,000කට ආසන්න ප්‍රමාණයකි. 

එම පරීක්ෂණ සංඛ්‍යාව 8,000 දක්වා ඉහළ නංවා රෝගීන් හඳුනා ගන්නට පියවර ගත යුතු යැයි ජනාධිපතිවරයා සඳහන් කර ඇත. ඊට අවශ්‍ය පරීක්ෂණ යන්ත්‍ර සහ උපකරණ සපයා ගැනීමේ ක්‍රමවේදය ගැන ද සෞඛ්‍ය බලධරයන්ගේ අදහස් විමසා ඇති ජනාධිපතිවරයා හැකි ඉක්මනින් රෝගය මර්දනයට පියවර ගත යුතු යැයි අවධාරණය කර තිබේ. පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව හැකිතාක් ඉහළ දැමිය යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දිගින් දිගටම රජයට උපදෙස් දී තිබිණි.