2020 සැප්තැම්බර් 26 වන සෙනසුරාදා

හිරගෙදර ඇතුළේ බීඩිය රජවෙයි

 2020 සැප්තැම්බර් 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 232

ජයන්ත සමරකෝන් l

බන්ධනාගාරවල හටගෙන ඇති (කුඩු අහේනියට) ආදේශයක් ලෙස දුම්කොළ යොදා නිපදවන ලෝකල් බීඩි ඉල්ලුම අතිවිශාල ලෙස ඉහළ ගොස් ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි.

මේ වන විට බන්ධනාගාර තුළට විවිධ රහසිගත ක්‍රම මගින් දුම්කොළ ගෙන යාමට උත්සාහ දැරූ අවස්ථා ගණනාවක්ම නිලධාරීන් විසින් ව්‍යර්ථ කර දමා ඇතැයි පැවසේ.

ඉල්ලුමට අනුව සැපයුම සිදුනොවීමත්, අමුද්‍රව්‍ය හිඟයත් හේතුවෙන් මේ වන විට ලෝකල් බීඩියක මිල රුපියල් 20ක් බවද ලෝකල් බීඩි මිටියක් (10) රුපියල් 200ක් පමණ වන බවද දැනගන්නට තිබේ.

දුම්කොළ කුඩු හා තේකුඩු දමා කලවම් කර පත්තරවල ඔතා නිපදවන ලෝකල් බීඩි බන්ධනාගාර කුඩු රුඳවියන් අතර ඉමහත් ජනප්‍රියතාවයක් අත්කරගෙන ඇතැයි ද වාර්තා වේ.

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01