2020 සැප්තැම්බර් 12 වන සෙනසුරාදා

නව මන්ත්‍රීවරුන්ට ඩියුටි ෆ්‍රී කාර් පර්මිට් අද හෙටම

 2020 සැප්තැම්බර් 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 498

දේශපාලන වාර්තාකරු l

අභිනව පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීන් සඳහා තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබාදීම ඉතා ඉක්මණින් අරඹන බව මුදල් අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට කීය. මෙහිදී මුලින්ම තීරුබදු රහිත වාහන බලපත්‍ර නිකුත් කෙරෙනු ඇත්තේ ප්‍රථම වරට පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීන් 79 දෙනාටය. ඉන් අනතුරුව සෙසු මන්ත්‍රීන් සියලු දෙනාට සති කිහිපයක් තුළ මෙම බලපත්‍ර නිකුත් කිරීම සිදුකෙරෙන බව වාර්තා වෙයි.

තීරැ බදු සහන බලපත්‍ර ක්‍රමය යටතේ එක් මන්ත්‍රීවරයකුට රුපියල් ලක්ෂ 65ක පමණ බදු සහනයක් සහිත බලපත්‍රයක් හිමිවෙයි. දැනට වාහන ආනයනය නතර කර ඇති නිසා මෙරටට ගෙන්වා ඇති වාහන හෝ ඉදිරියේදී වාහන ආනයන තහනම ඉවත්කළ විට හෝ මෙම බලපත්‍ර මගින් වාහන මිලදී ගත හැකි බව අප කළ විමසුමට පිළිතුරු දුන් ප්‍රකාශකයා වැඩිදුරටත් කීය.

ඒ සමඟ රාජ්‍ය සේවයේ තීරුබදු රහිත වාහන බලපත්‍ර ලාභීන්ටද එම බලපත්‍ර නිකුත් කෙරේ. රජයේ සේවකයන්ට එකී බලපත්‍ර යටතේ රුපියල් ලක්ෂ 36ක බදු සහනයකට යටත්ව වාහනයක් මිලදී ගත හැකිය.