2020 සැප්තැම්බර් 12 වන සෙනසුරාදා

20ට අත උස්සන්න හවුල් පක්ෂවලින් කොන්දේසියක්?

 2020 සැප්තැම්බර් 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 386

දේශපාලන වාර්තාකරු l

යෝජිත 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් නොවන ප්‍රධාන වගන්ති තුනක් ඊට ඇතුළත් කළ යුතු යැයි රජයේ හවුල්කාර පක්ෂ ගණනාවක් විසින් යෝජනා කිරීමට යයි. මේ සම්බන්ධයෙන් දේශයට අදහස් දැක්වූ නම් සඳහන් නොකළ ජ්‍යෙෂ්ඨ පක්ෂ නායකයෙක් කියා සිටියේ එම කරුණු ඇතුළත් නොවේ නම් මෙම සංශේධනය සඳහා සහාය දීම ගැන නැවත සලකා බැලීමට සිදුවන බවය.

කැබිනට්ටුවේ අමාත්‍ය මණ්ඩලය 30කට සීමාකර තිබූ වගන්තිය නැවත ඇතුළත් කිරීම, ද්විත්ව පුරවැසියන්ට මහ මැතිවරණයට තරග කිරීමට ඉඩ සැලසෙන වගන්තිය ඉවත් කිරීම සහ ජාතික විගණන කොමිසම ස්ථාපිත කෙරෙන වගන්තිය නැවත ඇතුළත් කිරීම එම යෝජනා තුන බව ඔහු ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධව ඉදිරියේදී ජනාධිපති, අගමැති සහ පොහොට්ටුවේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කරන බවද හෙතෙම වැඩිදුරටත් කීය.