2020 අගෝස්තු 01 වන සෙනසුරාදා

අලුත් ආණ්ඩුව 11 වැනිදා? මැති සබය කැඳවීම 20 වැනිදා

 2020 අගෝස්තු 01 වන සෙනසුරාදා, පෙ.ව. 05:59 269

දේශපාලන වාර්තාකරු I

ලබන බදාදා පැවැත්වෙන මහ මැතිවරණයෙන් පසු පත් කෙරෙන අලුත් ආණ්ඩුව අගෝස්තු මස 11දා ස්ථාපිත කෙරෙනු ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග කියයි.

දේශය වෙත ලැබෙන නවතම තොරතුරු අනුව නව කැබිනට් මණ්ඩලය එදින දිවුරුම් දීමට ඉඩ තිබේ. කැබිනට්ටුවට පෙර අග්‍රාමාත්‍යවරයා දිවුරුම් දෙනු ඇත.

එසේම අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම අගෝස්තු මස තුන්වැනි සතියට යොදා තිබේ. මැතිසබය කැඳවීම අගෝස්තු මස 20 වැනි දින සිදුකෙරෙනු ඇතැයි වාර්තාවෙයි. දැනටමත් පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීන් සඳහා අවශ්‍ය පුහුණු කටයුතු තොරතුරැ සම්පාදනය සඳහා පියවර සංවිධානය කෙරෙමින් පවතී.