2020 ජුනි 27 වන සෙනසුරාදා

පාතාල හයකගේ දේපළ රජයට

 2020 ජුනි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 690

I ගයාන් ගාල්ලගේ

මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම්වලට ඍජුව සම්බන්ධ හය දෙනකුගේ මුදල් සහ දේපළ රාජසන්තක කිරීම සඳහා මේ වනවිට කටයුතු ආරම්භ කර ඇතැයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා දේශයට පැවසීය.

මූල්‍ය විශුද්ධිකරණ පනත යටතේ මෙම දේපළ රාජසන්තක කිරීමට තීරණය කර ඇතැයිද ඉඩම්, වාහන, රත්තරන් ඇතුළු රාශියක් මේ වන විටත් හඳුනාගෙන ලැයිස්තුගත කර ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

ගෝනාකෝවිල අංජු, ධර්මසිරි යන දෙදෙනා ඇතුළු හය දෙනකු මීට ඇතුළත් බව සඳහන් වේ.