2020 මැයි 23 වන සෙනසුරාදා

වන්නියෙ ඡන්දෙ අල කළාලු

 2020 මැයි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 435

රජරට පළාතෙ පොහොට්ටු ලොක්කො දෙන්නෙක් වන්නියෙ දේශපාලනේට හොට දාන්න පටන් අරන් අවුලක් නිර්මාණය වේගෙන යනවය කියල ආරංචියි...

පළාතෙ ජනතාව කියන විදියට මේ දෙන්නා එකම පීල්ලෙ දේශපාලනේ කරන දෙන්නෙක්ලු. වන්නියෙ හරිහමන් සිංහල මන්තිරි කෙනෙක් නොහිටියොත් එයාලට වන්නියටත් ඇල්ම බැල්ම දාල පළාතෙ බිස්නස් කොන්තරාත්වලට එහෙම කොක්ක ගහන්න පුළුවන්ලු. ඒ හින්ද වන්නි පළාතෙන් මහ ඡන්දෙට නාමයෝජනා දෙනකොට එක සිංහල මන්ත්‍රී කෙනෙකුට ඉඩ ලැබෙන විදියට හදල තිබුණ නාමයෝජනා අන්තිම මොහොතෙ වෙනස් කරවන්නත් මෙයාල බලපෑම් කළාලු. ඒ හින්ද පළාතෙ තියෙන ඡන්ද සොච්චමට දැන් සිංහල අපේක්ෂකයො 4 දෙනෙක්ම දාල කියල කියනව....

පළාතෙ මිනිස්සුන්ට වගේම පුරාවස්තුවලටත් අනෙක් සම්පත්වලටත් ආරස්සාව දෙන්න හයිය ඇති කෙනෙක් දාගන්න ඒ පැත්තෙ සමිති සංවිධාන ෆුල් ට්‍රයි කළත් රජරට පළාතෙ දෙන්නගෙ දේශපාලන ඇඟලි ගැසීම් නිසා වැඩේ කචල් වෙලාලු. වන්නියෙ සිංහල ජනතාවගෙ ඡන්දෙ අල කරල වරද්දල රජරට ඉඳන් වන්නියෙ සුක්කානමක් කරකවන්න හදන අයට විරැද්ධව ළඟදීම පළාතෙ ජනතාව නැගී සිටින්න යනවය කියලත් ආරංචියි....

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01