2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා

ආසියානු රටවල් ගණනක් ලංකාවෙන් හා ඉන්දියාවෙන් ආධාර ඉල්ලති - සාර්ක් මහලේකම් ඇසල වීරකෝන්

 2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා, ප.ව. 06:30 1227

ජාත්‍යන්තර වාර්තාකරු I

කොරෝනා රෝගයෙන් දැඩි පීඩාවට පත් සාර්ක් රටවල් ගණනාවක් ලංකාවෙන් හා ඉන්දියාවෙන් ආහාර ආධාර ඉල්ලා ඇති බව සාර්ක් සංවිධානයේ මහලේකම් ඇසල වීරකෝන් මහතා දේශය වෙබ් පුවත් වෙත පැවසීය.

ඒ අනුව භූතාන රාජ්‍යය ඉන්දියාවෙන් සහල් තොගයක් සපයන ලෙස දැනටමත් ඉල්ලා ඇත. සහල් මෙට්‍රික් ටොන් 14,000ක් තම රටට අවශ්‍ය යැයි භූතානය ඉන්දියාවට දන්වා තිබේ. ඒ අතර මාලදිවයින් රාජ්‍යය ශ්‍රී ලංකාවෙන් සහල් සහ තිරිඟ පිටි ආධාර වශයෙන් ලබාදෙන්නැයි ඉල්ලා ඇත.

මාලදිවයින ශ්‍රී ලංකාවෙන් කරන ලද ඉල්ලීම අනුව කිලෝ 50කින් සමන්විත සහල් බෑග් 2,70,000ක් කිලෝ 50 කින් සමන්විත තිරිඟුපිටි බෑග් 1,80,000ක්ද කඩිනමින් අවශ්‍ය බව සඳහන්ය. මෙම දෙරටම කොරෝනා රෝගය නිසා ආහාරපාන සපයා ගැනීමේ අවදානමකට මුහුණ දී ඇත.

මේ ගැන වැඩිදුරටත් අදහස් දැක්වූ සාර්ක් මහ ලේකම්වරයා මෙබඳු හදිසි තත්ත්වයන්ට ආහාර ආධාර සැපයීම සඳහා සාර්ක් ආහාර බැංකුවක් (SARC – Food Bank) පවත්වාගෙන යන අතර එමගින් අදාළ ආධාර සැපයුම් සංවිධානය කරන බව කීය.