2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා

මෙරටින් එක රෝගියකුවත් වාර්තා නොවූ පැය 24ක්!

 2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා, ප.ව. 06:30 49

සුගත් පී. කුලතුංගආරච්චි I

ශ්‍රී ලංකාව තුළ ඉකුත් බදාදා දිනය තුළ අසාදිතයන් කිසිවෙකුත් වාර්තා වූයේ නැත.

එහෙයින්ම බ්‍රහස්පතින්දා මධ්‍යහ්නය වනවිටද වාර්තා වූයේ රෝගීන් 102කි. ඉන් දෙදෙනකුගේ තත්ත්වය අසාධ්‍ය මට්ටමේ විය. මේ වනවිට රෝගින් තිදෙනෙක් සුවය ලබා සිටිති. වෛද්‍ය අධීක්ෂණයට ලක්ව සිටින පිරිස 255කි. මේ අය රෝහල් 24ක ප්‍රතිකාර ලබති. නිරෝධායනය වූ කණ්ඩායම් දෙකක් පිටව ගියහ.

චීනයෙන් ඇරැඹි පැතිර ගිය කොරොනා වසංගතය ඉකුත් බ්‍රහස්පතින්දා  වනවිට රටවල් 198ක් පුරා පැතිර තිබුණි. එදින මධ්‍යහ්නය වනවිට ලොව මරණ සංඛ්‍යාව 21,576ක් වාර්තා වී තිබිණි. ආසාදිත පිරිස 471576ක් බවට පත්ව තිබුණි. ඒ අතරින් 14,792කගේ තත්ත්වය අසාධ්‍ය මට්ටමේ පැවතිණි. වැඩිම ආසාදිතයන් ගනන 81,352 ක් චීනයෙනි. එරට මරණ 3,290කි. අලුතෙන් මරණ 6ක් වාර්තා වී ඇත. 

මෙලෙස අලුත් රැල්ලක් චීනය තුළ හට ගනිද්දි ලොව වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා වූයේ ඉතාලියෙනි. ඒ 7,503කි. එරට ආසාදිත පිරිස 74,386ක්ව තිබුණි. අමෙරිකාවේ මරණ ගණන 1,037ක් වූ අතර ආසාදිතයන් 68,472ක් බව මධ්‍යහ්නය වනවිට වාර්තා විය.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01