2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා

සහන බෙදීම අපේක්ෂකයන්ට තහනම් - මැතිවරණ කොමිෂම

 2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා, ප.ව. 06:30 27

හසිත් අංජන I

කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා ඇඳිරි නීතිය පනවා ඇති කාලසීමාව තුළ ජනතාවට අවශ්‍ය සහනාධාර බෙදාදීමේදී ඉදිරි මහ මැතිවරණයට නාම යෝජනා ලබාදී ඇති අපේක්ෂකයන් සම්බන්ධ කර නොගන්නා ලෙස දිසාපතිවරුන්ට දන්වා ඇති බව මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂක ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා දේශයට කීය.

මැතිවරණයක් ප්‍රකාශයට පත්කර ඇති කාලසීමාවක් තුළ නාමයෝජනා ලබාදුන් අපේක්ෂකයන් සිදුකරනා සහනාධාර බෙදාදීම් පිළිබඳ සොයා බැලීමට පක්ෂ ලේකම්වරුන්ටද උපදෙස් ලබාද ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් පැවසීය.