2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා

අප්‍රේල් 07 වනවිට කොරෝනා උග්‍ර තත්ත්වයට - වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

 2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා, ප.ව. 06:29 25

දේශපාලන වාර්තාකරු I

කොරෝනා රෝග ව්‍යාප්තියේ වත්මන් තත්ත්වය අනුව අප්‍රේල් මස දෙවැනි සතිය වනවිට මේ රට තුළ කොරෝනා රෝගීන් 550ක් පමණ සිටිය හැකි බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනාවැකියක් පළකර තිබේ.

දැනට රට තුළ නිරෝධායනයට ලක්වෙමින් සිටින පිරිස 19,000 ඉක්මවා ඇත. ඇඳිරි නීතිය පනවා තිබෙන නිසා සිදුවන සමාජ දුරස්ථකරණය හේතුවෙන් කොරෝනා රෝග ව්‍යාප්තිය 70%කින් පමණ අඩු වී තිබේ. එහෙත් පවත්නා තත්ත්වය අනුව අප්‍රේල් මස 07 දින වනවිට රෝග ව්‍යාප්තිය උච්ඡස්ථානයකට පත්වීමට ඉඩ ඇති බැවින් දිගටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන තත්ත්වය පාලනය කළ යුතු බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් කියයි.