2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා

කොරෝනා මර්දනයේදී දේශපාලනය එපා - රන්ජිත් මද්දුමබණ්ඩාර

 2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා, ප.ව. 06:30 41

දේශපාලන වාර්තාකරු I

කොරෝනා රෝග මර්දන වැඩසටහනට පටු දේශපාලනය ගාවා නොගන්නා ලෙස ජාතික සමගි බලවේගයේ ප්‍රධාන ලේකම් හිටපු මන්ත්‍රීන් රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

විශේෂයෙන් ජනතාවට සහනාධාර බෙදාදීමේදී ආණ්ඩුවේ මැති ඇමැතිවරැන් දේශපාලන පක්ෂ භේද නොතකා කටයුතු කළ යුතු යැයිද ඔහු පැවසීය.

රජය කැඳවන ලද සර්වපාක්ෂික සමුළුවට සිය පූර්ණ සහාය ලබාදෙන බව කී මහලේකම්වරයා ඉදිරි මහ මැතිවරණය අමතක කර මේ ජාතික ව්‍යසනය ජය ගැනීමට රජය කටයුතු කළයුතු යැයි කීය.

ප්‍රධාන පක්ෂ නායකයන් කොළඹදී වටමේස සාකච්ඡා පවත්වනවා සේම ගම් මට්ටමටද මේ දේශපාලන සහයෝගය ගෙන යා යුතු බව හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය.