2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා

සජිත්ලාගේ එජාප සාමාජිකත්වය ඉවරයි - අකිල විරාජ්

 2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා, ප.ව. 06:30 31

I හසිත් අංජන

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය දරමින් වෙනත් පක්ෂයකින් මහ මැතිවරණයට තරග කිරීමට නාමයෝජනා ලබාදුන් සියලු දෙනාගේ පක්ෂ සාමාජිකත්වය මේ වනවිටත් අහෝසි වී ඇතැයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා දේශයට පැවසීය.

පක්ෂ ව්‍යවස්ථාවට අනුව එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයකු මැතිවරණයකට තරග කිරීම සඳහා වෙනත් දේශපාලන පක්ෂයක් වෙතින් නාමයෝජනා භාරදීම සහ වෙනත් කටයුතුවලට සම්බන්ධ වීම මෙලෙස සාමාජිකත්වය අහෝසි වීමට හේතුව බවයි මහ ලේකම්වරයා කියා සිටියේ.

සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය දරන සමගි ජන බලවේගයට එක්වී සිටින එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පිළිබඳව ලබන සතියේ රැස්වන කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී තීරණයක් ගනු ලබන බවද අකිල විරාජ් කාරියවසම් මහතා වැඩිදුරටත් පැවසීය.