2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා

මහ මැතිවරණයට කාන්තා අපේක්ෂක නීතියක් නෑ

 2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා, ප.ව. 12:30 21

I හසිත් අංජන

මහ මැතිවරණයට අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමේදී දේශපාලන පක්ෂයක් කාන්තා අපේක්ෂිකාවන් මෙපමණ සංඛ්‍යාවක් ඉදිරිපත් කළ යුතු යැයි කිසිදු නීතියක් මෙතෙක් සම්මත කර නැතැයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා දේශයට කීය.

පවත්නා දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමේ නීතිය අනුව සඳහන්ව ඇත්තේ කිසියම් පක්ෂයක් ලියාපදිංචි කිරීමේදී එම පක්ෂයේ පාලක මණ්ඩලය තුළ සියයට 1ක කාන්තා නියෝජනයක් තිබිය යුතු බව පමණි.

පළාත් පාලන මැතිවරණයට සියයට 25ක කාන්තා නියෝජනයක් ඉදිරිපත් විය යුතු බවට නීතියක් තිබුණද පාර්ලිමේන්තු මැතිවරණයකට එසේ නොමැති වීම ගැටලුවක් බව රෝහණ හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් කියා සිටී.