2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා

දත් දොස්තරලා දැඩි අවදානමේ

 2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා, ප.ව. 06:31 247

I සංජීවිකා සමරතුංග

කොරෝනා වසංගතය පිළිබඳව අමෙරිකාවේ පළවන නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත විසින් කරන ලද අධි අවදානම් තක්සේරුවේ දී ඉහළම කොරෝනා අවදානමක් සහිත වෘත්තිකයන් ලෙස හඳුනාගෙන ඇත්තේ දන්ත වෛද්‍යවරුන් බව රජයේ දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහ ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ ලේකම් වෛද්‍ය විපුල වික්‍රමසිංහ දේශයට පැවසීය.

මේ හැර දෙවැනි අධි අවදානම් වෘත්තිකයන් වන්නේ වෛද්‍ය සහායකයන්ය. වෛද්‍යවරුන් සහ හෙදියන් අවදානම් ලැයිස්තුවේ ඊළඟට ස්ථානගත වී ඇත. නිව්යෝර්ක් ටයිම්ස් අධ්‍යයනයට අනුව කොරෝනා අවදානම අඩුම වෘත්තිකයන් වන්නේ ගස් කපන්නන්ය.

මෙම තත්ත්වය මත ශ්‍රී ලංකාවේ සිටින දෙදහසක් පමණ වන දන්ත වෛද්‍යවරුන් අධි අවදානමක් යටතේ සේවය කරන බැවින් රජයේ රෝහල්වල දන්ත වෛද්‍ය සේවාවන් හදිසි ප්‍රතිකාරවලට පමණක් සීමා කර ඇත. පෞද්ගලික අංශයේ දන්ත සායන වෙතින් ද රජය මෙම ඉල්ලීම කර තිබේ.

කොරෝනා රෝගය පිළිබඳව අධි අවදානම සහිත ඉන්දියාව, අමෙරිකාව, මහා බ්‍රිතාන්‍ය යන රටවල් ද දන්ත වෛද්‍ය සේවාව හදිසි ප්‍රතිකාර සඳහා පමණක් සීමාකර ඇතැයි වෛද්‍ය විපුල වික්‍රමසිංහ වැඩිදුරටත් කීය.