2020 මාර්තු 14 වන සෙනසුරාදා

ජ’පුරේ ටයර් සිසුන්ට මිනීමැරුමට තැත්කිරීමේ චෝදනා

 2020 මාර්තු 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 404

I ගයාන් ගාල්ලගේ

ජ’පුර සරසවියේ පළමු වසරේ සිසුවකුගේ ඇඟට ටයරයක් පෙරළා මරණීය තුවාල සිදුකළ බව කියන සිද්ධියට සම්බන්ධ සිසුන් පස්දෙනාට විරුද්ධව මිනීමැරීමට තැත් කිරීම සහ විශ්ව විද්‍යාල නවක වද පනතට අදාළව නඩු පවරන බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා (දේශයට) පැවසීය.

එම ටයරය පෙරළු සිසුවාත් ඊට අනුබල දුන් සිව්දෙනාත් වරද පිළිගෙන ඇති නිසා මෙලෙස නඩු පවරන බව හෙතෙම සඳහන් කළේය. එම සිසුන් බීමත්ව නවක සිසුන් සිද්ධිය සිදු වූ රාත්‍රියේ බලහත්කාරයෙන් රඳවාගෙන සිටි බවට සාක්ෂි හරහා තහවුරු වී ඇති බවද තෙන්නකෝන් මහතා වැඩිදුරටත් කීය.

මෙම සිද්ධියෙන් ජ'පුර සරසවියේ කළමනාකරණ පීඨයේ පළමු වසරේ සිසුවකු වන පසිඳු හිරුෂාන් බරපතළ තුවාල ලබා මේ වනවිට ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම පීඨයේම සිව්වැනි වසරේ ඉගෙනුම ලබන සිසුන් පස් දෙනකු බව පොලීසිය සඳහන් කරයි.