2020 මාර්තු 14 වන සෙනසුරාදා

එ.ජා.පයේ ඉතිරි 11 දෙනාට රංජිත්ගෙන් ඇරයුමක්

 2020 මාර්තු 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 615

දේශපාලන වාර්තාකරු l

දැනට සමගි ජාතික බලවේගය සමඟ එක්නොවී සිටින පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මන්ත්‍රින් 11 දෙනාටද මහමැතිවරණයට තරග කිරීම සඳහා තමන් සමඟ එක්වන ලෙස එම සන්ධානයේ මහලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා ආරාධනා කරයි.

ඔහු මෙම ආරාධනය කළේ දේශය පුවත්පත වෙනුවෙන් නාමයෝජනා සම්බන්ධව අප කළ විමසුමකට පිළිතුරු වශයෙනි. තම පක්ෂයේ නාමයෝජනාවලින් 80 %ක්ම සකසා අවසන් බව කී හෙතෙම පක්ෂ නොබෙදී මහමැතිවරණයට යාම සඳහා සත්භාවයෙන් මෙම ආරාධනාව කරන බවද පැවසීය.